පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම - 2023

IMG_197421.jpeg
IMG_197421.jpeg
IMG_8104_jpg1.jpeg
IMG_81091.jpeg

වෑ උඩ විල්ලි හත්පත්තුවේ දෙල්විට පිරිමි විදුහල. (වර්තමාන - ව/ඉ/රිදී/ දෙල්විට මහා විද්‍යාලය )

 

එක් දහස් නවසිය එකොළහේ දොළොස් වෙනි මස පස් වන දින (1911-12-05) මෙම විදුහල ආරම්භ කර ඇත. විදුහල ආරම්භයේදී පංති කාමරයක් පමණක් තිබූ අතර එය පොල් අතු සෙවිලි කර කෙටි බිත්තිවලින් ආවරණය කර තිබුණි. එම නිසා කාමරය ඇතුලු වීමට දොරක් අවශ්‍ය නොවීය. වැසි පැවතුණ කාලවල දී ඉගැනිවීම් කටයුතු ඉතා අපහසු විය.

පාඨශාලාව පිහිටි ඉඩම ජේ.බී. දෙල්විට බස්නායක නිලමෙ තුමාගේ පරිත්‍යාගයකි.

මෙහි මුල් ගුරුවරයා වූයේ පී.පී. පෙරේරා මහතාය. ඔහුගේ වයස අවුරුදු 25 කි. පෙර සේවා කාලය අවුරුදු 3කි. එවකට ඔහුගේ වාර්ෂික වැටුව රුපියක් 240 කි. එවකට විදුහලේ විදුහල්පති වූයේද පී. පී. පෙරේරා මහතා යි.

ඩී.එම්. සෙනෙවිරත්න හා එච්. වැන්ඩර්වෝල් යන මහත්වරුන් එවකට සිටි පාඨශාලා පරීක්ෂකවරුන් වන අතර අයි. හාවර්ඩ් මහතා අධ්‍යක්ෂ වරයාය.

විදුහල්පති පී. පී. පෙරේරා මහතා 1917-09-25 දින ස්ථාන මාරුවක් ලබා මෙම පාසලෙන් ගිය අතර නව විදුහල්පති වශයෙන් එම වර්ෂයේදී ම කේ. එම්. ප්‍රනාන්දු මහතා පමිණ ඇත.

1913-09-09 පමණ වන විට පාසල ප්‍රතිසංස්කරණය කළයුතු තත්වයක තිබුණු අතර පංති කාමරයේ ඇතුළත බිම ඉතා අපිරිසිදු තත්වයක තිබුණි. මෙම පාසල පිරිමි ළමුන්ට පමණක් සීමා වී තිබුණි. 

1913-09-09 වන විට සැතපුම් දෙකක් ඇතුළත වතු පාසලක් ආරම්භ වීමත්, එම කාලයේදී ගම පුරා පැතිර ගිය උණ වසංගතයක් නිසා ළමුන්ගේ පාසල් පැමිණීම අඩුවිය. සිසුන් වයස් කාණ්ඩයකින් තොරව ප්‍රාථමික පංතියක අධ්‍යාපනය ලැබූ අතර බොහෝ කාලයක් තිස්සේ සිසුන් 134 කට පමණ ඉගැන්වීම් කටයුතු කරණු ලැබුවේ එක් ගුරුවරයකු වන් අතර ඔහු පී.පී. පෙරේරා මහතාය. පාසලට ලිඳක් නොතිබුණු නිසා පාසලේ වගා කටයුතු කිරීම අපහසු විය.

එදා සිට මෙම විදුහලේ සිදු වූ වෙන්ස්කම්වල ප්‍රතිඵලයක් ලෙස 1995-02-01 වන දින මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් විය.

1996-06-01 දිනයෙන් පසු මෙම විද්‍යාලයේ අධ්‍යාපන මට්ටම ඉතා ඉහළ තත්වයක පවතී. 1997 වර්ෂයේ මුල් වරට අ.පො.ස. (උ/පෙළ) විභාගයට පාසලෙන් සිසුන් 5 දෙනෙක් ඉදිරිපත් වී සියලු දෙනා සමත් විය.1998 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයට සිසුන් 7 දෙනෙක් ඉදිරිපත් විය.

1998 වර්ෂයේ අ.පො.ස. (සා. පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව ඉබ්බාගමුව කලාපයේ 1C පාසල් අතුරින් දෙල්විට මහා විද්‍යාලය ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්,පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

 

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 24ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 7 කින් සමන්විතය. තුන්සීයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියක් වී ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1911 දෙසැම්බර් 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

1

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

134

මුල් ගුරුතුමාගේ නම

පී. පී. පෙරේරා මහතා

පාසලේ ආදි කතෘගේ නම

පී. පී. පෙරේරා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වෑ උඩ විල්ලි හත්පත්තුවේ දෙල්විට පිරිමි විදුහල.

පාසල භාරව කටයුතු කිරීම

පී. පී. පෙරේරා මහතා

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1911 දෙසැම්බර් 5 දින