නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඩබ්.ඒ.එන්.එන්.විජේරත්න මෙය.
වයඹ පළාතේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ රිදීගම කොට්ඨාසයේ පිහිටි දෙල්විට මහා විද්‍යාලය එම ග්‍රාමයේ පිහිටි සුවිශේෂි පාසලකි. සිසුන් 300 ට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙම පාසල ප්‍රදේශයේ සිටිනා සිංහල හා දමිල සිසුන්ගෙන් සමන්විත වීම සුවිශේෂී කාරණයකි. ජාති ආගම් භේදයකින් තොරව එකා මෙන් එකට එක්ව අධ්‍යාපනයේ ඉහලම ප්‍රථිඵල ලබා ගැනීමට කටයුතු කිරීම දක්නට ලැබීම සතුට දනවන කරුණකි. අප පාසලේ සිසු දරුවන් කොට්ඨාස, කලාප,පළාත් යන අංශ ඔස්සේ විවිධ විශය කාණ්ඩ මඟින් තරඟ කොට ජයග්‍රහණ රාශියක් ලබාගෙන ඇත.එමෙන්ම 5 වසර විභාගය සමත්ව නගර ආශ්‍රිත ජාතික ජනප්‍රිය සඳහා පිය නැගීමට වරම් ලබාගෙන ඇත.
පාසල යනු ප්‍රධාන වශයෙන්ම මානව සම්පත හා කටයුතු කරන ආයතනයක් වුවද විවිධ පාර්ශවයන් අතර මනා සන්නිවේදනයක් සිදු කිරීමට නිරන්තරයෙන් සිදු වේ.මේ සඳහා මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම ඉතා වැදගත් ක්‍රියාදාමයක් ලෙස මා හට හැගේ. සක්‍රිය ලෙස නිරතුරුව අප පාසල සමඟ සම්බන්ධව තොරතුරු හුවමාරැ කරගනිමින් ඵලදායි වූ සන්නිවේදනයක් සිදුකර ගැනීමට අවශ්‍ය සහයෝගය ඔබෙන් අප නිරතුරැව බලාපොරොත්තු වන අතර මෙම දැවැන්ත ක්‍රියාදාමයේ මූලික පියවර සනිටුහන් කිරීම සඳහා සහයෝගය දක්වන ලද පාසලේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හට ස්තූතිය පුද කරන අතර අනාගත වැඩ ලෝකය සඳහා දැනුමෙන් සන්නද්ධ ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.
ඩබ්.ඒ.එන්.එන්.විජේරත්න මෙය.
නියෝජ්‍ය විදුහල්පති
ව/ඉ/රිදී/දෙල්විට මහා විද්‍යාලය.







